Saturday, April 26, 2008

ආයුබෝවන් සබද

කවි ක‍රන්නට මගේ සිත් මල්
දෙන්න ව‍රමක් ස‍රසවිය මට
මගේ සිත නැගි නොයෙක් සිතිවිලි
තබන්නෙමි මම මෙලෙස කවියෙන්

මෙතෙක් ආ මේ දිවි මගේදී
ඇසූ දුටු දෑ බොහෝමයි
සිතේ පැතු දෑ සිතේ සිතු දෑ
බොහෝ වූවත් ඉටු නොවූවත්
තවත් යන්නට බොහෝ දුර ඇත
කදුල සුසුමත් සතුට සිනහත්
මුණ ගැසේවී ලග හිදීවී
එවන් දිවි මග නැගෙන සිතුවිලි
ලද ඇසිල්ලක කවියකින් මට
මෙහි තබන්නට ඉඩ ලැබේවි

No comments: