කවි කරන්නට මගේ සිත් මල්
දෙන්න වරමක් සරසවිය මට
මගේ සිත නැගි නොයෙක් සිතිවිලි
තබන්නෙමි මම මෙලෙස කවියෙන්
මෙතෙක් ආ මේ දිවි මගේදී
ඇසූ දුටු දෑ බොහෝමයි
සිතේ පැතු දෑ සිතේ සිතු දෑ
බොහෝ වූවත් ඉටු නොවූවත්
තවත් යන්නට බොහෝ දුර ඇත
කදුල සුසුමත් සතුට සිනහත්
මුණ ගැසේවී ලග හිදීවී
එවන් දිවි මග නැගෙන සිතුවිලි
ලද ඇසිල්ලක කවියකින් මට
මෙහි තබන්නට ඉඩ ලැබේවි
Saturday, April 26, 2008
Subscribe to:
Posts (Atom)